සෞඛ්‍ය සේවකයින්ට නව චක්‍රලේඛයක්…! මාධ්‍යයට තොරතුරු දීම තහනම්…!

July 22, 2023 at 12:35 pm | by emanisa.lk

සෞඛ්‍ය සේවාවට අයත් නිලධාරීන්ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ පරිපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම හා විවේචනය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින් දැඩි විධිවිධාන සහිත චක්‍රලේඛයක් ඊයේ (21) නිකුත් කර ඇත.

පොදු චක්‍රලේඛ ලිපි අංක 02-106/2023 යටතේ නිකුත් කර තිබෙන එම පොදු චක්‍රලේඛය සියලු පළාත් සෞඛ්‍ය ලේකම්වරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලුම ආයතන ප්‍රධානීන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන් ඇතුළු සියලුම සෞඛ්‍ය නිලධාරීන් වෙත යොමුකර ඇත.

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට අදාළව 2022.09.21 දින ද ලිපියක් යොමුකර තිබූ අතර එහි අඩංගු කරුණුවලට අමතරව මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ පවතින විධිවිධාන නොසලකා කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියලු නිලධාරීන් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවට දැනුම් දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *