පැය අටකට අධික කාලයක් විදුලි බලය බිඳවැටීමට සූර්ය බල පද්ධතිය හේතු වූ බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු අංශය නගන චෝදනාව සූර්යය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය ප්‍රතික්ෂේප කරයි.
එහි ලේකම් ලක්මාල් ප්‍රනාන්දු පවසන්නේ විදුලි ඉංජිනේරුවන්ගේ නොහැකියාව නිසා විදුලි බල සැපයුම බිඳ වැටුණු බවය. සූර්ය බල විදුලි සැපයුම සමස්ත විදුලි සැපයුමෙන් 1%ක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.
හැමදාම උදේට සූර්යබල පද්ධතිය ප්‍රධාන පද්ධතියට සම්බන්ධ වෙනවා. එය පස්වරු 6.30ට ස්වයංක්‍රීයව විසන්ධි වෙනවා. මෙම සිද්ධිය වූ දවසෙත් එය ස්වයංක්‍රීයව විසන්ධි වුණා.
එහෙම නම් රාත්‍රී 10 වන තුරු බිඳවැටීම යථා තත්ත්වයට පත්කරන්න බැරි වුණේ සූර්යබල පද්ධතිය නිසා ද කියලා අපි අහනවා. හඳ එළියෙන් සූර්යබල පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා විදුලි ඉංජිනේරු සංගමයේ චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා.
විදුලිබල පද්ධතිය බිඳ වැටීමට හේතුව සූර්යබල පද්ධතියට බවට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය චෝදනා නඟා තිබිණි.