සුසිල්ගේ ත්‍රීවිල් නාඩගම හොඳට ම අවුල්..! නීතීඥ වැඩේ කරලත් වාහනයක් නැද්ද…?

January 8, 2022 at 10:05 am | by emanisa.lk

හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්ගේ ත්‍රීවිල් නාඩගමේ අවුලක් පවතින බව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.

මෙපමණ කාලයක් අඩු ම තරමේ නීතිඥවරයෙක් ලෙස කටයුතු කරන සමයේ හෝ ඔහු යම් උපයා ගැනීමක් සිදුකර නැද්ද යන ප්‍රශ්නය මතු වන බවයි, අසාද් සාලි පවසන්නේ.

කෙසේ වෙතත් රටට කුණු පෙට්‍රල් ගෙන ඒම ආරම්භ කළේ ද සුසිල් ප්‍රේම්ජයන්ත් බවට ඔහු චෝදනා කළේය.

පසුගියදා (06) සිය අත්අඩංගුවට ගැනීම අනීතිකව කරන ලද්දක් බවට මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආණ්ඩුකාරයා මේ බව පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *