කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද (04) පිටව ගියහ.
ඒ අනුව කොරෝනා වෛරසය අසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2524කි.
ලංකාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 2828 දෙනෙකු හඳුනාගෙන තිබේ. මේ අනුව මෙරට ආසාදිත රෝගීන් 89.25%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තව දුරටත් රෝහල්ගතව ප්රතිකාර ලබන්නේ ආසාදිතයින් 293 දෙනෙකු පමණි. එනම් 11%කට අඩු ප්රතිශතයකි.