සුරාසැල් වසා තැබීමෙන් රජයට කෝටි 16, 100ක දැවැන්ත පාඩුවක්…!

September 4, 2021 at 4:30 pm | by emanisa.lk

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලයේ දී මත්පැන් අලෙවිසල් වසා දැමීමට සිදුවීමෙන් රජයට රුපියල් කෝටි දහසය දහස් එක සියයක පාඩුවක් සිදුවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම් .ජේ ගුණසිරි පවසයි.

මේ පාඩුව සිදුවන්නේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු පසුගිය මස 20 වැනිදා සිට ලබන 13 වැනිදා දක්වා දින 23ක කාලයේ දී යැයි ද හෙතෙම සඳහන් කළේය.

මත්පැන් අලෙවිසල් දිනක් වසා තැබීමෙන් සිදුවන පාඩුව කෝටි 700ක් පමණ වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *