පොසොන් සතියේ අනුරාධපුර සුරාසැල් විවෘත කිරීමට විරෝධය….!

June 22, 2021 at 7:54 am | by emanisa.lk

පොසොන් සතිය ක්‍රියාත්මක වන අතරතුර අනුරාධපුරයේ සුරාසැල් විවෘත කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සිය අප්‍රසාධය පල කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් ඊයේ (21) සංවේගයෙන් යුතුව පැවසූහ.

මසකට ආසන්න කාලයක් පැවති සංචරන සීමා ලිහිල් කිරිමත් සමගම අනුරාධපුර නගරයේ පිහිටි සියලු ම සුරාසැල් 21දා විවෘතකර තිබූ අතර මත්පැන් මිල දී ගැනීම විශාල පිරිසක් උදෑසන සිට මත්පැන් අලවිකිරිමේ ස්ථානවලට පැමිණ සිටියහ. පොසොන් සතිය ඊයේ සිට 27 වන දා දක්වා යෙදී තිබේ.

මීට පෙර සෑම වසරක ම පොසොන් උත්සව පැවත්වෙන සතිය පුරා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ම සුරාසැල් හා මස් කඩ තාවකාලිකව වසා දමන ලද අතර මෙවර මසකට පසු ඊයේ සුරාසැල් විවෘත කර තිබුණි.

කෙසේ වුව ද මෙවර පොසොන් සතියක් ක්‍රියාත්මක නොවන බවත් ජනතාව ඒකරාශී වීමත් සිදුනොවන බවත් එවැනි පිංකම් සංවිධානය කළේ නම් සුරාසැල් විවෘත කිරීම වරදක් බව අනුරාධපුර මහ දිසාපති පොසොන් කමිටුවේ සභාපති නීතිඥ ආර්.එම්. වන්නිනායක පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *