සුරාසැල්වලින් දින 15ට කෝටි 200ක බදු ආදායමක්!

May 31, 2020 at 9:46 am | by emanisa.lk

දින 68ක පමණ කාලයක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කොට රට විවෘත කිරීමෙන් පසු මෙරට සුරාසල්වලින් දින 15ක කාලයක් තුළ රුපියල් කෝටි 200ක (රැපියල් බිලියන 2ක්) බදු ආදායමක් රජයට ලැබුණ බව මුදල් අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඇඳිරියෙන් පසු විවෘත වූ සුරාසල් අසල දින ගණනාවක් දිගු පෝලිම් පැවති අතර බොහෝ සුරාසල්වල රාක්ක දින දෙක තුනක් තුළ හිස් වී ගියේය.

මෙම දිනවල වැඩිපුර අලෙවි වී ඇත්තේ සැර මත්පැන් වර්ග බවද කියැවේ. මෘදු මත්පැන් වර්ග අලෙවි වී ඇත්තේ අඩු ප්‍රමාණයකි.

සුරාසැල් වසා තැබූ කාල සීමාවේ රට පුරා නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය සහ භාවිතය විශාල වශයෙන් ඉහළ ගිය අතර එම නිෂ්පාදන සිරුරට ඉතාම අහිතකර බව වෛද්‍ය මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස