සුරාබදු මාෆියාවට කිතුල් කර්මාන්තය වනසන්න ඉඩදෙන්න එපා! රජය කිතුල් සංවර්ධන මණ්ඩලයක් පිහිටුවා මේ කර්මන්තය නැංවිය යුතුයි! – කප්රුක වැනි කිතුල රකින්න යුතුකමේ අනූප පෙරට එයි…..

June 30, 2020 at 4:38 pm | by emanisa.lk

දේශීය කිතුල් කර්මාන්තය රැක ගැනීම සඳහා රජය කිතුල් සංවර්ධන මණ්ඩලයක් පිහිටුවිය යුතු බවට තමා යොජනා කරන බව යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අනූප පැස්කුවෙල් පවසයි.

මේ වන විට කිතුල් ගස් තුනක් මැදීම සඳහා පමණක් සුරාබදු දෙපාර්තමේන්තුව බලපත්‍රයක් ලබා දෙන බවත් එමගින් කිතුල් කර්මාන්තකරුවා තලාපෙළා දැමීමට සුරාබදු මාෆියාව කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.

කිතුල් නිෂ්පාදන සඳහා දෙස් විදෙස් වශයෙන් විශාල ඉල්ලුමක් ඇති බව පෙන්වා දෙන අනූප පැස්කුවෙල් කර්මාන්තකරුවා පීඩනයට පත්කරන බලපත්‍ර ක්‍රමය අහෝසි කර නිදහසේ එම කර්මාන්තය කිරීම සඳහා ඉඩදිය යුතු බව අවධාරණය කරයි.

එවිට කිතුල් කර්මාන්තය ව්‍යාප්ත කර කිතුල් හකුරු සහ පැණි නූතන වෙළෙඳපොළට ගැළපෙන ආකාරයට සකස් කර ඉතාම ලාභදායි කර්මාන්තයක් බවට පත් කළ හැකි බව ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස