සුමන්දිරන්ගේ STF ආරක්ෂාව වහාම ඉවත් කෙරේ….!

February 8, 2021 at 2:15 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් වෙත ලබා දී තිබුණු විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඊයේ (07) රාත්‍රියේ සිට හදිසියේම ඉවත් කර ඇත.

මේ පිළිබඳව කිසිදු පෙර දැනුම්දීමක් සිදු නොකෙරුණු බව සුමන්තිරන් පවසයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ලැබෙන පොලිස් ආරක්ෂාව එයාකාරයෙන්ම තිබෙන බව සඳහන් වේ.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පැවති පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා පාගමනේ ආරම්භක අවස්ථාවේ සිට අවසානය දක්වාම සුමන්තිරන් සහභාගී වු අතර එබැවින් මන්ත්‍රීවරයාට ලබා දී ඇති විශේෂ ආරක්ෂක අංශයට ද එම පාගමනට එක්වීමට සිදුවිම පිළිබඳ සොයා බැලීමක් සිදු කිරීමට ඔහුගේ විශේෂ ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වේ.

මීට ටික කලකට ඉහත දී සුමන්තිරන් මන්ත්‍රීවරයාට මරණ තර්ජන ඇති බවට හෙළිදරව් වු අතර ඒ හේතුවෙන් මෙලෙස ඔහුට විශේෂ කාර්ය බළකා ආරක්ෂාවක් ලබා දී තිබිණි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *