සුදු වෑන් කිඹුල් නඩුව මැද රාජිතට තවත් අලකලංචියක්….! මාධ්‍යවේදියාට පහර දීමේ බොරුව ගැන අහන්න තාත්තා-පුතා CID කැඳවයි…!

March 20, 2021 at 4:34 pm | by emanisa.lk

මාධ්‍යවේදියකු පැහැර ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට සහ ඔහුගේ පුත් චතුර සේනාරත්නට ලබන සඳුදා 22 කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණීමට දැනුම් දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඉකුත් දින දෙක තුළ මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාශය කොට්ඨාසය ඔවුන්ට ද දැනුම් දී තිබුණි.

එහෙත් කලින් යොදා ගත් දේශපාලන කයුතු කිහිපයක් හේතුවෙන් තමන්ට කැඳවූ දින දෙකේ දී පැමිණිය නොහැකි බවට ඔවුන් නීතීඥයකු මගින් ලිඛිතව පොලිසියට පොලීසියට දැනුම් පොලීසියට දැනුම් දී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

ඒ අනුව තමන් ලබන සදුදා පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බව ඔවුන් එම ලිපිය මගින් කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මෙම පැමිණිල්ල සම්පූර්ණයෙන් අසත්‍ය බව අදාළ මාධ්‍යවේදියා පොලිසිය හමුවේ තහවුරු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *