සියරට මාධ්‍යවේදියාට පහර දීම තවත් සුදු වෑන් කිඹුල් නාඩගමක්…! පොලිසි ගියේ චතුරගේ කාර්යාලයේ දී රාජිත හමුවෙලා..! මාධ්‍යවේදියා සියල්ල වමාරයි…

March 18, 2021 at 10:43 pm | by emanisa.lk

සියරට නම් පුවත්පතේ මාධ්‍ය වේදියකුට කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් පහර දුන් බවට සිදුකළ පැමිණිල්ල අසත්‍යයක් බව තහවුරු වූයේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

මෙම ප්‍රහාරය පිළිබඳ විපක්ෂය ආණ්ඩුවට චෝදනා කළේ මාධ්‍ය මර්දනය කරන්නේ යැයි පවසමිනි.

කෙසේ වුව ද එම පුද්ගලයා පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ අදාළ පැමිණිල්ල බොරු බවත් තමා විසින් ම සිය නිවසේ තිබූ මේසන් හැන්දක් රත්කර තම සිරුර පුළුස්සා ගත් බවත් ය.

මොහු මෙම අසත්‍ය පැමිණිල්ල යෙදීමට පෙර තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ කාර්යාලයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න හමු වී ඇති බවත් අනතුරුව අදාළ පැමිණිල්ල සිදුකර ඇති බවත් හෙළි කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *