සුදුලූනු ගැන ලියූ මාධ්‍යවේදීන් CID කැඳවීම අශීලාචාරයි…! – ඇමැති ඩලස්…

September 28, 2021 at 2:42 pm | by emanisa.lk

මාධ්‍යවේදීන් රහස් පොලීසියට කැඳවීම ශීලාචාර සමාජයක නොවිය යුත්තක් බවත් එවැන්නත් සිදුව තිබීම ගැන ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස තමාත් රජයත් කනගාටුව පළ කරන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

මෙම සිදුවීම ආණ්ඩුවක් ලෙස ප්‍රතික්‍ෂේප කරන බව කී අමාත්‍යවරයා එය නොවිය යුත්තක් බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය.

මාධ්‍යවේදීන් කිසිසේත් පොලීසියට, රහස් පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීම නොකළ යුතු බව අග්‍රාමාත්‍යවරයා ද තමාට පැවසූ බව කී ඇමතිවරයා මාධ්‍ය ආයතන වෙත කිසි විටෙකත් රහස් පොලිස් නිලධාරීන් එවන්නේ නැති බව විෂය භාර ඇමති සරත් වීරසේකරත් ඉතා වගකීමෙන් පැවසූ බව කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද(28) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

“හිටපු නිලධාරියෙක් සුදුලූනු වංචාව සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට සහ රාජ්‍ය ඇමතිවරයාට ඇඟිල්ල දිගු කළ විට බන්දුල ඇමතිවරයා ඒ පිළිබඳ පැමිණිල්ලක් කළා. එතුමා මේ සම්බන්ධයෙන් ආයතන වශයෙන් කිසිවෙක් නම් කර තිබුණේත් නැහැ.

බන්දුල ගුණවර්ධන මහතා වංචනික තක්කඩි දේශපාලනඥයකු නොවන බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා එතුමා ගොස් පැමිණිල්ලක් කිරීම යුක්ති සහගතයි. මෙහි වෙත තැනක පැටලිල්ලක් වී තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *