සුජීව ගමගේ වගේ අය දහස් ගණනක් මම රෝහල්ගත කළා….! – පහර දුන් බවට බොරු කී මාධ්‍යවේදියා ගැන රාජිතගෙන් ප්‍රකාශයක්…

March 23, 2021 at 10:03 am | by emanisa.lk

තමා වෛද්‍යවරයෙකු සහ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සුජීව ගමගේ වැනි අය දස දහස් ගණනක් රෝහල්ගත කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

සුජීව ගමගේ නම් පුද්ගලයා පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් විමසීම සඳහා තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ බවත් ඔහු සඳහන් කළේ ය.

එම පුද්ගලයා තමා මුණ ගැසීමට පැමිණි බවත් එහි දී සියල්ලට පෙර ජීවිතය බේරා ගන්නා ලෙස පවසා ඔහුට රෝහල්ගත වීමට උපදෙස් දුන් බවත් ඉදිරි කටයුතු පසුව බලාගමු යැයි තමා පැවසූ බවත් රාජිත සේනාරත්න පවසයි.

මේ සිදුවීම දෙස ජනතාව බලන්නේ ද ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, කීත් නෝයර්, උපාලි තෙන්නකෝන් වැනි සිද්ධි අනුව බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

තමන්ට කිසිදු චෝදනාවක් නොමැති බවත් චෝදනා තිබේ නම් තමන්ට නඩු දැමිය යුතු බවත් හෙතෙම පැවසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *