සුදුවෑන් කිඹුල් නාඩගම II, “මාධ්‍යවේදියා ඉස්සීම” නාඩගම අධ්‍යක්ෂණය කළ රාජිත-චතුර අත්අඩංගුවට….!

March 22, 2021 at 7:07 am | by emanisa.lk

මාධ්‍යවේදියකු පැහැරගෙන ගිය බවට ව්‍යාජ සිද්ධියක් නිර්මාණය කර රජය අපහසුතාවට පත් කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත‍්‍රයා හිටපු පාර්ලිමේන්තු මන්ත‍රී චතුර සේනාරත්න අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස රාජිත සේනාරත්නට සහ චතුර සේනාරත්නට දැනුම්දී තිබුණ ද ඔවුන් එහි පැමිණ සිටියේ නැත.

තමන් අද (22 දා) කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින බව රාජිත සහ චතුර යන අය දැනුම් දීමක් කර ඇති බව එම කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.

නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඊට චෝදනා එල්ල වී සිටින රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවයි.

ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාව මත සුජීව ගමගේ නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැර තිබිණි.

පොලිසිය පවසන්නේ මෙතෙක් කළ විමර්ශනවලට අදාළව මෙවැනි කිසිම ආකාරයක පැහැර ගැනීමක් පිළිබඳව තොරතුරක් හෙළිවී නොමැති බවයි.

මෙම ව්‍යාජ සිද්ධිය නිර්මාණය කිරීම සඳහා හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහත්වරුන්ගේ සම්බන්ධයක් තිබෙන බවට ලැබී ඇති තොරතුරු මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ සුදුවෑන් සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිදුකළ ව්‍යාජ සිද්ධියක් පිළිබඳව ද හිටපු ඇමැති රාජිත සේනාරත්නට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *