ආණ්ඩුවේ බදු සහන යටතේ කිලෝව රු. 75.14ක මිලට ආනයන කර සඟවා තැබූ සීනි තොග සඳහා අධික ලාභයක් ලබා දීමට කටයුතු කර ඇතැයි චෝදනා නැගෙයි.
ජනතාව දැඩි අපහසුතාවට පත්කරමින් අධික ලාභ ලැබීමට සඟවා තැබූ මෙම සීනි තොග පසුගියදා සොයා ගත්තේ දෙරණ මාධ්‍ය ආයතනයේ මෙහෙයුමක් මගිනි.
කෙසේ වුව ද මේ වන විට එලෙස අත්අඩංගුවට ගත් සීනි තොග අදාළ ව්‍යාපාරිකයින්ගෙන් මිලයට ගන්නේ කිලෝව රු. 110 බැගිනි. ඒ අනුව අදාළ ව්‍යාපාරිකයින්ට සිනී කිලෝවට රු.34.86ක ලාභයක් හිමි වෙයි.