ආණ්ඩුව සීනි ගණන් බස්සන්න සූදානම්…! රු. 220 සීනි හෙට සිට රු. 130ට…!

August 29, 2021 at 10:07 pm | by emanisa.lk

සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 130ක පාලන මිලක් පැන වීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත.

වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම පියවර ගන්නා බව වාර්තා වෙයි. දේශීය කර්මාන්ත ශාලාවලින් සතොසට කිලෝව රු. 120 බැගින් සීනි ලබා දීමට කටයුතු කර ඇත.

ආනයනකරුවන් විසින් සීනි කිලෝවක තොග මිල රුපියල් 210 දක්වා වැඩි කිරීම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති.

රුපියල් 50 බදු සහනය මත පසුගිය කාලයේ දී සීනි මෙට්‍රික් ටොන් 468748 ආනයනය කර ඇති අතර මෙම මාසික පරිභෝජනය ද මෙට්‍රික් ටොන් හතළිස් දහසත් පනස් දහසත් අතර වේ. මේ අනුව ඔක්තෝබර් මාසයේ සිට ආනයනය කර ඇති සීනි තොගය මාස නවයකට වඩා ප්‍රමාණවත් වේ.

මෙසේ සත 25 බදු සහනය යටතේ ආනයනය කර ඇති සීනි මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ අසූදහසෙන් එක්ලක්ෂ හතළිස් දහසකට වැඩි (දෙකෙන් පංගුවකට වැඩි) ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ එක් ව්‍යාපාරිකයකු වන අතර ඉදිරි ප්‍රමාණය ව්‍යාපාරිකයන් තිස්හත් දෙනෙකු ආනයනය කර ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *