ආනයනිත සීනි මිල අඩු කිරීමෙන් රජයට රු. බිලියන 16 පාඩුවක් වුණා…! එහි වාසිය ව්‍යාපාරිකයින්ටත් ගිහිල්ලා…! – හර්ෂ…

March 9, 2021 at 11:58 pm | by emanisa.lk

සීනි මත පනවා තිබු රුපියල් 50ක බද්ද ශත 25 තෙක් අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9ක බදු ආදායමක් අහිමි වී ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ඉදිරිපත් වූ වාර්තාවක ඒ බව සඳහන් ව තිබුණි. අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ එම අහිමි වූ මුදල් ප්‍රමාණය හෝ කොටසක් සීනි ආනයනය කළ සීමිත පිරිසකට ලැබී ඇති බවය.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ පවසයි.

“ඒ වාර්තාවෙන් මුලික ලෙස අනාවරණය වෙන්නේ, මේ රුපියල් 50 ඉදලා ශත 25ට බද්ද අඩු කිරීම නිසා මුදල් අමාත්‍යාංශයට, රුපියල් බිලියන 15.9ක් අහිමි වුණා කියන එක. ඊළඟ ප්‍රශ්නේ තමයි රජයට එලෙස අහිමි වුණ මුදල පාරිභෝගිකයාට ගියා ද කියන එක.

එතන දී ඔවුන් ඍජුවම කියනවා ඔවුන් බලාපොරොත්තු වුණ විදියට ඒක සිදුවුණේ නෑ කියලා. ඒකට හේතුව විදියට මුදල් අමාත්‍යාංශය කියනවා, සීනි වෙළෙඳපොළ පාලනය කරන්නේ ආයතන කිහිපයක් තුළින් පමණයි සම්පූර්ණ වෙළෙඳපොළ පාලනය කරන්නේ.

ඒ නිසා බදු අඩු කිරීම හරහා ලැබුණ ලාභය සම්පූර්ණයෙන්ම එහෙමත් නැත්නම් එකේ සැලකිය යුතු කොටසක් සමාගම්වලට යන්න පුළුවන් පාරිභෝගිකයාට ලැබෙන්නේ නැතුව කියලා. ඉතින් මුදල් අමාත්‍යාංශය විසින්ම ඔය කතාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *