සීනි පාඩුව ගණනයට වෝහාරික විගණනයක් ඉල්ලයි…!

March 11, 2021 at 6:03 pm | by emanisa.lk

ආනයනික සීනි  සඳහා කිලෝවකට ශත 25  ක බද්දක් අය කිරීම නිසා  රජයට සිදු වූ පාඩුව පිළිබඳ වෝහාරික විගණනයක් කරන ලෙස  සමගි ජන බලවේගය  මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ වන විට රජයට බිලියන 15.9 ක පාඩුවක්  විදිමට  සිදුව ඇතැයි ගණන් බලා ඇති අතර  සැබෑ පාඩුව ගණන් බැලීම සඳහා වෝහාරික විගණනයක් කරණ ලෙස ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා කීහ .

මීට අමතරව මෙම බදු අඩු කිරීමෙන්  රජයට සිදු වූ පාඩුව පිළිබව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බවද හර්ෂ ද සිලිවා කීය.

ඊට පෙර මෙම බදු සංශෝධනය කරන ලෙස ද රජයෙන්  ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස