සිල් රෙදි නඩුවෙන් ලලිත් සහ අනුෂ නිදොස් කොට නිදහස් කරයි!

November 19, 2020 at 11:04 am | by emanisa.lk

කොළඹ මහාධිකරණය පැන වූ වසර තුනක සිර දඬුවම් හා දඩ නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (19) තීන්දු කළේ ය.

ඉකුත් 2015 ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම මගින් රජයට අයත් රුපියල් මිලියන 600ක මුදල් අවභාවිත කිරීමේ හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට මොවුන් වරදකරුවන් කර තිබිණී.

තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් පිළිබද තීන්දුව ලබා දෙමින් කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්නගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයන් නීතියට පටහැනි බවත් තමාව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට විසින් මෙම අභියාචන පෙත්සම් ගොනු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස