ස්වාධීන මැකොගේ ස්වාධීන රෙදි ගැළවෙයි! එජාප සජබ ගැටුම විසඳන්න දෙන හඩපට එළියට! (Audio)

July 14, 2020 at 11:25 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ නිත්‍යානුකූලභාවය ප්‍රශ්න කරමින් අධිකරණය හමුවට ගිය එජාපය සහ සමගි ජන බලවේගය අතර ගැටුම නිමා කිරීම සඳහා ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති සක්‍රීය ලෙස මැදිහත් වන ආකාරය හෙළිකරන හඬපටයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

ඒ එජාපය වෙනුවෙන් අධිකරණය හමුවට ගිය එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක ඕෂල හේරත් සහ ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අතර සිදුවන දුරකතන සංවාදයක හඬපට කිහිපයකිනි. එහිදී කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් ද ඕෂල සමග කතා කරයි.

එහිදී සමගි ජන බලවේග පක්ෂයේ නෛතික අයිතිය හිමි සේනක සිල්වා සහ ඕෂල හේරත් මුණ ගස්වා ගැටුම දුරදිග නොයවා ගොඩින් බේරා ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා උත්සාහ කරන බව දක්නට ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස