සිරසට එරෙහිව තේරීම් කාරක සභාවක්…! දේශපාලන කුමන්ත්‍රණ චෝදනා…!

August 8, 2023 at 4:22 pm | by emanisa.lk

සිරස රූපවාහිනී නාලිකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

එම නාලිකාවට එල්ල වී ඇති චෝදනාව වන්නේ දේශපාලන කුමන්ත්‍රණ කරමින් ජනතාව උසි ගන්වමින් වැඩසටහන් විකාශය කිරීමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගෙන තිබේ.

ජනාධිපතිවරයා ද එහිදී සඳහන් කර ඇත්තේ සිරස ප්‍රධානියෙකු ද ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් ප්‍රකාශයක් කර ඇති බවත් මෙය මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු විසින් ප්‍රකාශ කිරීමට උචිත නොවන එකක් බවත්ය.

මෙම නාලිකාව සැලසුම් සහගතව ආණ්ඩුවේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඔවුන් කටයුතු කරන බවටත් ජනාධිපතිවරයා ද පෙන්වා දී ඇත. පසුගිය කාලයේ දී ද ගොවි ජනතාව උසි ගන්වමින් ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණ විකාශය කරමින් සිරස නාලිකාව දේශපාලන කුමන්ත්‍රණයක නිරත වූ බවටද චෝදනා එල්ල විය.

ඒ අනුව අවසානයේදී තීරණය කර ඇත්තේ මෙම නාලිකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමටයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *