සියලු විරෝධතා කුණු කූඩෙට… විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 2කින් නංවයි… අගවිනිසුරු සූරසේනට තවත් වසර දෙකක්….!

July 27, 2026 at 7:49 pm | by emanisa.lk

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට අද (27) පැවති කැබිනට් රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 යවන සීමාව, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තවත් වසර දෙක බැගින් දීර්ඝ කිරීමට රජය යොජනා කර ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් නිවේදන නිකුත් කරමින් නිදහස් නීතීඥ සංගමය, අධිකරණ සේවා සංගමය ඇතුළු සංවිධාන ගණනාවක් රජයට දැඩි චෝදනා එල්ල කර තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් 08 දෙනෙකුගේ පුරප්පාඩු පවතින නමුත් ජනාධිපතිවරයා මෙම පුරප්පාඩු පිරවීමට මෙතෙක් කටයුතු කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *