නීතීඥ සංගම් සභාපති සජිත්ට විකිණිලා… විනිසුරු විශ්‍රාම වයස නංවන්න විරුද්ධ ඒකයි..! – මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ…

July 25, 2026 at 12:07 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව අමරසූරියට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර මහ ඇමති අපේක්ෂක ධුරය ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොරොන්දු වී ඇතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට එරෙහිව මතයකට එළඹ ඇත්තේ රජිව් අමරසූරියගේ මෙම දේශපාලන අවශ්‍යතාව අනුව බවටද ඔහු චෝදනා කරයි.

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් නෙරපීමට උත්සාහ කරන විටද අරගලය අවස්ථාවේද කෙළින් හිටගත් නීතිඥ සංගමය මේ වන විට එහි සහාපති ඇතුළු කුඩා කල්ලියක් හරහා සජිත් ප්‍රේමදාසට විකිණි ඇති බවද අසිත නිරෝෂණ ප්‍රකාශ කරයි.

ඊයේ (24) පාර්ලිමේන්තුව අමතමින් අසිත නිරෝෂණ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *