ශ්රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන් සියලු දෙනාට සිය රට් පදිංචිය සඳහා පැමිණෙන්නැයි මාලදිවයින් රජය විසින් ආරාධනා කළ යුතු බව එරට හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කරයි.
කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට ඉස්ලාම් දහමට අනුකූලව ගෞරවණීය ලෙස මිහිදන් වීමේ අයිතිය තිබෙන බවත්, ශ්රී ලංකා රජය එම අයිතියට ගරුකළ යුතු බවත් ඇය වැඩිදුරටත් පවසයි.
එසේ සිදු නොවන්නේ නම් සියලු ශ්රී ලාංකික මුස්ලිම් ජාතිකයන් මාලදිවයිනේ පදිංචියට පැමිණිය යුතු බව ඇය අවධාරණය කරයි.
I think we should invite Sri Lankan Muslims to move & live in Maldives. I am surprised that our Government & allied “sheikhs’ have not done so. I urge the Sri Lankan government to respect their Muslim minority’s wish to have last rites of Covid-19 patients as per our religion!
— Dunya Maumoon (@dunyamaumoon) December 15, 2020