සියලු ඇමැතිවරු ජනාධිපතිතුමාගේ තීන්දු එක්ක හිට ගන්න ඕන…! විපක්ෂයේ සරුංගල් පස්සේ දිව්වොත් මහා විනාශයක් වෙයි…! – ජොන්ස්ටන්…

January 26, 2021 at 4:24 pm | by emanisa.lk

ජනාධිපතිවරයා සහ රජය තීන්දුවක් ගන්නේ නම් ඕනෑ ම ඇමතිවරයකු ඒ තීන්දුවත් සමග එකට සිට ගත යුතු බවත් එසේ නොකර වෙනත් අරමුණු පසුපස හඹා යෑමට උත්සාහ කිරීමෙන් මහා විනාශයක් සිදුවිය හැකි බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

“අතිගරු ජනාධිපතිතුමා තීන්දුවක් ගන්නවා නම් රජය තීන්දුවක් ගන්නවා නම් හැම ඇමතිවරයෙක් ම ඒ රජයේ තීන්දුවත් එක්ක හිටගන්න ඕනේ. එහෙම නැතුව සරුංගල් මවලා සරුංගල් පස්සේ යන්න ගියොත් මහ විශාල විනාශයක් වෙන්නේ. විපක්ෂයත් සරුංගල් එවනවා නෙ.

ඒ මහා සංඝරත්නය අදටත් නායකත්වය අරගෙන ජනාධිපතිතුමා සහ අපි දැනුම්වත් කිරීම කිසිම වරදක් හැටියට මම දකින්නෙ නෑ. හැබැයි සමහර තැන්වල මහා සංඝරත්නයත් සමහර අය උසිගන්වනවා. ඒකෙන් අපි පරෙස්සම් වෙන්න ඕනේ.”

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව පැවසුවේ ඊයේ (25) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *