නැගෙනහිර පර්යන්තය විකුණන්න මම කවුද? කැබිනට් පත්‍රිකා කතාව පට්ටපල් බොරුවක්! – ජොන්ස්ටන්

August 3, 2020 at 8:47 am | by emanisa.lk

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීයානු සමාගමකට දීමට තමාට ඇති බලය කුමක්දැයි වරාය අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු ප්‍රශ්න කරයි.

නැගෙනහිර පර්යන්තය විකිණිමට තමා මේ රටේ ජනාධිපතිද නැත්නම් අගමැතිද යන්නද ඔහු ප්‍රශ්න කරයි.

තමා ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකළ බවද  අමාත්‍යවරයා අවධාරණය කරයි.

අමාත්‍යවරයාගේ ඒ අදහස අග්‍රාමාත්‍යවරයා විසින්ද තහවුරු කර තිබේ.

කිසිම විටක කැබිනට් මණ්ඩලයට නැගෙනහිර පර්යන්තය ඉන්දීයානු සමාගමකට දීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොවූ බව අග්‍රාමාත්‍යවරයා වෘත්තී සමිති නියෝජිතයන් හමුවේ ද පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *