සිංහ කොඩියත් පිටරටින් ගෙනා යුගය නිමයි! ජාතික සහ බෞද්ධ කොඩි බතික් රෙද්දෙන්!

November 1, 2020 at 8:57 am | by emanisa.lk

මෙ රට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීය වශයෙන් නිෂ්පාදනයට තම අමාත්‍යාංශය සූදානම් බව බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමයක් වැය කෙරෙන බවත් ලබන වසරේ සිට අවශ්‍ය කොඩි ප්‍රමාණය ඉහළ ප්‍රමිතියකින් මෙ රට දී ම නිෂ්පාදනයට බතික් සහ අත්යන්ත්‍ර ක්ෂේත්‍රයේ නිරත නිෂ්පාදකයන් සූදානම් බවත් දයාසිරි ජයසේකර අවධාරණය කරයි.

ඔහු එම අදහස් ප්‍රකාශ කර සිටියේ බතික් නිර්මාණයක් ලෙස කළ ජාතික ධජ ජනාධිපතිවරයාට (30) පිළිගැන්වූ අවස්ථාවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *