සිංහල දෙකට දැමූ පුවරුව නැවත හදන්න ඇමති විමල් නියෝග කරයි!

January 20, 2020 at 2:53 pm | by emanisa.lk

සිංහල භාෂාව දෙවැනියට සඳහන් වන ශ්‍රී ලංකා තල් සංවර්ධන මණ්ඩලයේ නාම පුරුවක් ඇමති විමල් වීරවංශ විසින් විවෘත කිරීම සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව තිබේ.

ඒ පසුගිය ආණ්ඩු සමයේ පලාලි ගුවන්තොටුපළේ නාම පුවරුවල සිංහල භාෂාව දෙවෙනි තැනට ලා තිබීම දැඩි ලෙස විවේචනය කළ විමල් වීරවංශ ඇමති ධුරයට පත්වූ පසු සිය ප්‍රතිපත්තිය පාවා දී ඇති බව ප්‍රකාශ කරමිනි.

කෙසේ වුවද මෙම නාම පුවරුව විවෘත කිරීමට පැමිණෙන තුරු ඇමතිවරයා අදාළ සිද්ධිය පිළිබඳ නොදැන සිට ඇති අතර එම පුවරුව විවෘත කළ ද වහාම සිංහල භාෂාව පළමුව යොදා නාම පුවරුව නැවත සකසන ලෙස බලධාරීන්ට උපදෙස් දී ඇතැයි දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස