සිංහරාජයේ ගෝනෙක් මරා මස් කළ ජවිපෙ අපේක්ෂකයා බඩුත් එක්ක ම අත්අඩංගුවට…!

March 20, 2021 at 11:45 pm | by emanisa.lk

සිංහරාජ වනාන්තරයේ පරිවාර රක්ෂිතයක් වන වළංකන්ද රක්ෂිතයෙහි දඩයමේ ගොස් ගෝනෙකු මැරූ පුද්ගලයකු රක්වාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තානායමි පාර, රත්නපුර ලිපිනයේ පදිංචි අබ්දුල් රහීමි මොහොමඩ් හනාස් යන පුද්ගලයා සමග මොහුගේ අධාරකරුවන් 4 දෙනෙකි. මොහු ජනතා විමුක්ති පෙරමුණ යටතේ රත්නපුර නගර සභාවට තරඟ කළ මැතිවරණ අපේක්ෂකයකු බව ද වාර්තා වෙයි.

ඒ සමඟ ගෝන මස් කිලෝ 23ක් සහ ගෝන හමක්, විදේශ රටක නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් සහ පතරොම් 11ක්, රාත්‍රී කාලයේ විශේෂයෙන් වනාන්තරවල භාවිත කරන විදුලි පන්දමක් සහ ජීප් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මොහු කාලයක් තිස්සේ මෙලෙස සිංහරාජයේ සහ එහි පරිවාර රක්ෂිතවල සතුන් මරා මස් අලෙවි කිරීම සිදුකර තිබේ.

සිය දෙවන බිරිඳගේ 15 හැවිරිදි දියණියට අතවර කිරීමේ චෝදනාව යටතේ මොහු මෙයට පෙර පොලිස් අත්අඩංගුවට පත්විය. එම දියණිය 12 හැවිරිදි වියේ පමණ සිට මොහු අපචාරයට ලක් වූ බව වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *