සැප්තැම්බර් වෙද්දි ලංකාවේ 20 000ක් කොවිඩ්වලින් මැරෙනවා…! – මංගල…

May 10, 2021 at 2:08 pm | by emanisa.lk

මේ වසරේ සැප්තැම්බර් මස වන විට කොවිඩ් වසංගතය නිසා ලංකාවේ 20 000ක් මිය යන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඇමරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යා පර්යේෂණ පත්‍රිකාවක් උපුටා දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

එම පර්යේෂණ පත්‍රිකාවෙහි දැක්වෙන කරුණු පිළිබඳ ශ්‍රී ලංකාව සිය අවධානය යොමු කළ යුතු බවත් වසංගතය පාලනය සඳහා ඉක්මන් පියවර ගත යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

කොවිඩ් වසංගතය පාලනය කළ ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව ආදර්ශයට ගත යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙරට ජනගහනයෙන් 70%කට එන්නත් ලබා දෙමින් කටයුතු කළහොත් මෙම ව්‍යසනය වළක්වා ගැනීමට ලංකාව තවමත් ප්‍රමාද නැතැයි ද මංගල සමරවීර වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *