සාලි අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්….! – සරත් වීරසේකර..

March 17, 2021 at 6:22 pm | by emanisa.lk

අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ කොලොන්නාව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

‘අසාද් සාලි හිටපු ආණ්ඩුකාරවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධයක් තිබෙන නිසා. අපි ඒ විමර්ශන කටයුතු දිගින් දිගට ම ගෙනියනවා. ඒ වගේම මාවනැල්ල ප්‍රදේශයේ සිදුවූ බුදු පිළිම හානි කිරීම ඇතුළු සිදුවීම්වලට ඔහු සෘජු සහ වක්‍රලෙස සම්බන්ධ නිසයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

ඔහු පසුගියදා ප්‍රකාශයක් සිදුකලා රටේ පවතින නීතියට අවනත නැහැ කියලා. ෂරියා නිතිය සම්බන්ධයෙන් ඔහු කතා කළා. මෙවැනි ප්‍රකාශ අවසානයේ දී ආගමික අන්තවාදයක් දක්වා යනවා. ඔහුගේ අත්අඩංගුවට ගැනීමට මෙම ප්‍රකාශයත් හේතුවක් වෙන්න ඇත.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරලා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට රැඳවුම් නියෝග අනුව ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටිනවා. අපිට බලාගන්න පුළුවන් ඔහු ඒ සිදුවීම් වලට සම්බන්ධද නැද්ද කියලා. නමුත් දැනට තිබෙන කරුණු අනුව ඔහුට එල්ලවී තිබෙන චෝදනාවලට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට පෙනෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස