සාගල, දයා, රවී සහ අර්ජුන එජාප තනතුරු භාර නොගනී…!

January 22, 2021 at 7:15 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු සඳහා පත්කළ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් රංග බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන සහ භාණ්ඩාගාරික මිස්බා සතාර් ඊයේ (21) වැඩ භාරගත්හ.

ඒ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ය.

කෙසේ වුව ද උප සභාපති ධූරවලට පත්කළ සාගල රත්නායක, දයා ගමගේ, රවී කරුණානායක සහ අර්ජුන රණතුංග එම අවස්ථාවට පැමිණ නොසිටී ම විශේෂත්වයකි.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සෞඛ්‍ය නීතිවලට අනුකූලව පැවැත්විණි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස