සර්ව පාක්ෂික ආණ්ඩු කතා අවසන්…! ජාතික ආණ්ඩුවක් සූදානම්..! ඇමැති මණ්ඩලය ලබන සතියේ…!

August 18, 2022 at 9:02 am | by emanisa.lk

සියලු පක්ෂ සර්ව පාක්ෂික ආණ්ඩුවට එක් නොවීම නිසාත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වෙන වෙනම ආණ්ඩුවට එක්වීම නිසාත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සුදුසු බව විවිධ පාර්ශ්ව විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ඒ සඳහා දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රතිපාදන ලැබී ඇති අතර එහි දී ඇමැති ධුර සංඛ්‍යාව තිහේ සිට හතළිස් දෙක දක්වා වැඩි කිරීමේ හැකියාව ඇත.

ඒ අනුව කැබිනට් මණ්ඩලය ලබන සතියේ දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. කැබිනට් මණ්ඩලයට පත් කිරීමට යෝජිත මන්ත්‍රිවරු 16 කගේ නාම ලෝඛනයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික පක්ෂවල නායකයන්ට ද ඇමැති ධුර ලබා දීමට නියමිතය. ජීවන් තොණ්ඩමන්, ඒ.එල්.එම්. අතාවුල්ලා වැනි පක්ෂ නායකයන්ට ද ඇමැති ධුර ලබාදීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *