ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරයි.
ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 361කි.
මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 417කි.
ලංකා සුදු ඩීසල් මිල රු. 35කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 341කි. ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 359කි.
ලංකා භූමිතෙල් මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 231කි. මේ මිල ගණන්වලට අනුව IOC ඉන්ධන මිල ගණන් ද ඉහළ දැමෙනු ඇත.
කෙසේ වෙතත් ඊයේ සිට මෙරට මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සයිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි. ඔවුන් පවසා තිබුණේ ඊයේ මිල සංශෝධනයට පෙර පැවැති සිපෙට්කො ඉන්ධන මිලට වඩා රු. 03ක් අඩුවෙන් තමන් ඉන්ධන අලෙවි කරන බවයි.