අද මාධ්‍ය රාත්‍රියේ සිට LIOC ඉන්ධන මිල ඉහළට…! පෙට්‍රල් රු. 162යි…ඩීසල් රු. 116යි…!

October 21, 2021 at 8:22 pm | by emanisa.lk

ඉන්දීය ඔයිල් සමාගම (LIOC) විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත.

කෙසේ වුවත් සුපර් ඩිසල් මිල ඉහළ නොදැමීමට සමාගම තීරණය කර ඇත. මෙම මිල ඉහළ නැංවීම අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල රු. 162.00 දක්වා ද ඩිසල් ලීටරයක මිල රු. 116.00 දක්වා ද ඉහළ යනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *