අද සිට ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්…!

June 19, 2022 at 6:37 am | by emanisa.lk

රජයේ පාලන මිලට අද සිට සහල් නිකුත් කරන බව සහල් නිෂ්පාදක ඩඩ්ලි සිරසේන පවසයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඊයේ (18) සවස හෙතෙම මේ බව පැවැසීය.

ඉන්ධන ගැටළු සහ ඇසුරුම් මිල ඉහළ ගිය ද රජය විසින් පනවා ඇති මිල ගණන් යටතේ හෙට සිට සහල් නිකුත් කරන බව පැවසූ ඩඩ්ලි සිරිසේන අනෙකුත් සහලා නිෂ්පාදකයන්ගෙන් ද එම මිලට සහල් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අනුව නාඩු සහල් කිලෝව රුපියල් 220 ද, සම්බා කිලෝව රුපියල් 230 සහ කීරි සම්බා කිලෝව රුපියල් 260ක් ලෙස වෙළෙඳපොළට නිකුත් කරන බව ද ඩඩ්ලි සිරිසෙන කියා සිටියේය.

මෙම සහල් බෙදීම සඳහා ඩීසල් අවශ්‍ය බවත් ඒ සඳහා රජය මැදිහත්විය යුතු බව ද ඔහු පැවැසීය.

මේ වන විට සහල් මෝල් සතුව සහල් මෙට්ට්‍රිට් ටෝන් ලක්ෂ ලක්ෂ 2,50,000 – 3,00,0000 අතර ප්‍රමාණයක් තියෙන බවත් සල්ලිකාර ගෝවීන් අත තිබෙන සහල් සමග සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ පහක් පමණ සොයාගත හැකි බව ද ඔහු කියා සිටියේ.

මාස තුනකට සහල් පාලනය කිරීමේ බලය ජනතාවට බාර දෙන බව ද කියා සිටියේය. මාස තුනක් යන තෙක් කෑම වේල් අඩු කිරීම නොව කන ප්‍රමාණය අඩු කරමු යැයි ද ඩඩ්ලි සිරිසේන කියා සිටියෙය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *