සයින්දමරදු නගර සභාවක් බවට පත් කිරීමට නිකුත් කළ ගැසට් පත්‍රය කැබනට් සාකච්ඡාවට පසු අවලංගු කිරීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.
කල්මුණේ නගර සභාවේ කොටසක් වූ සයින්දමරදු වෙනම නගර සභාවක් බවට පත් කරන්නේ යැයි පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ පොරොන්දු විය.
කෙසේ වුවද එය නගර සභාවක් බවට පත් කිරීමත් සමගම සමාජ මාධ්‍යවල දැඩි විරෝධයක් මතු විය. ජාතික සංවිධාන ද ඊට එරෙහි විය.