පුතුගේ රාජකීය මගුල සමග ජනපති නොසැලී පෙරටම! අද හිල්ටන් හෝටලේ මගුල ජයටම!

May 9, 2019 at 8:17 am | by admin

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල පුතු දහම් සිරිසේනගේ විවාහ මංගල උත්සවය සැලසුම් කළ ආකාරයටම අද කොළඹ මහත් ඉහළින් පැවැත්වෙයි. කෙසේ වුවද ශැංග්‍රීලා හෝටලය පාස්කු ප්‍රහාරයට ගොදුරු වීම නිසා උත්සවය යාබද හිල්ටන් හෝටලයට මාරු කර තිබේ. උත්සව කටයුතු අද උදෑසන 9.30ට ඇරඹීමට නියමිතය.

පසුගිය 21 වෙනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත 257ක් අහිමි වී 500කට අධික පිරිසක් තුවාල ලබා තවමත් රට ත්‍රස්ත බියෙන් සලිත වී පැවතිය ද රාජකීය මංගල්‍යය පෙර යොදා ගත් ආකාරයට මහ ඉහළින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අද (09) Daily Fit පුවත්පත වාර්තා කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පවුල් සිය ගණනක් අසරණ වුව ද මෙම විවාහ මංගල්‍යයට ආරාධනා කළ අමුත්තන් ප්‍රමාණය හෝ උත්සවශ්‍රීය කිසිදු අඩුවක් කර නැති බව එම පුවත්පත වැඩි දුරටත් වාර්තා කරයි.

කෙසේ වුවද ඊයේ සයින්දමරදු වෙත ගිය ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ප්‍රහාරයට දින ගණනකට පසු තමන් එහි පැමිණියේ රටේ ආරක්ෂාව සහතික බවට පණිවිඩයක් ලබා දීමට බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *