පාතාළ නායකයන්ට දුන් බන්ධනාගාර සැප සම්පායෝටත් හිමියි! ඇඳ පුටු මෙට්ට සහ විදුලි උපකරණ සහිත සුඛෝපභෝගී කාමරයක්!

August 4, 2020 at 10:32 pm | by emanisa.lk

රක්ෂිත බන්ධනාගාරගත කළ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අද (04) අධිකරණයට යළි ඉදිරිපත් කිරීමෙන් පසු නැවත අගෝස්තු 18 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ (03) රාත‍්‍රියේ ඔහු දුම්බර බන්ධනාගාරයට රැගෙන ආ බව බන්ධනාගාරයට රැගෙන ගොස් තිබූ අතර
එහිදී අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පහසුකම් සහිත කාමරයක් එහි සකසා තිබු බව ද බන්ධනාගාර ආරංචි පවසයි.

එම කටයුතු සම්පාදනය කර ඇත්තේ ද එම බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු විසිනි. බන්ධනාගාරයට පැමිණෙන රැඳවියන් නිරෝධායනය සඳහා වෙන් වෙන්ව රඳවා තැබෙන අතර ඔවුන්ට විශේෂ පහසුකම් හිමි නොවේ.

එම කාමරය ඇඳක්, මෙට්ටයක්, පුටුවක් මෙන්ම විදුලි උපකරණ කිහිපයකින් ද සමන්විතය. ඔහුට පහසුකම් සැපයීමට කටයුතු කළ දුම්බර පිහිටි බෝගම්බර බන්ධනාගාරයේ උසස් නිලධාරීන් දෙදෙනා, අනුරුද්ධ සම්පායෝගේ පරිහරණයට අවශ්‍ය පිඟන් භාණ්ඩ ද සපයා ඇත. ඔහු අද නැවත ගෙන ගොස් ඇත්තේ එම බන්ධනාගරය වෙතමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස