සම්පායෝ ආරක්ෂා කළේ කුරුණෑගල දේශපාලකයෙක්! පොලිසියට භාරවෙන්න ආවෙත් ඔහු එක්ක!

August 4, 2020 at 9:37 am | by emanisa.lk

දින 11ක් තිස්සේ සැඟවී සිටි මීගමුව බන්ධනාගාර හිටපු ප්‍රධානී අනුරුද්ධ සම්පායෝ පෙරේදා (02) සවස 3.35ට පමණ මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නේ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අසලදීය.

යම් දේශපාලනඥයෙක් සහ තවත් පුද්ගලයෙක් සමඟ වාහනයකින් පැමිණ සම්පායෝ පොලීසියේ වාහනයට ගොඩවූ බවත් වාර්තා වෙයි.

මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා සම්පායෝගේ පාසල් මිතුරෙකු වන අතර පොලිසි ගණනාවක නිලධාරීන් සිටියදී මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා එහි ගියේ බුද්ධි මෙහෙයුමක් අනුව බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න අනාවරණය කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස