සමගි බල මන්ත්‍රීගේ රැපීඩ් ටෙස්ට් කිට් ඖෂධ කතාව ෆේස්බුක් ගිනි තබයි!

November 7, 2020 at 8:19 pm | by emanisa.lk

රැපීඩ් ටෙස්ට් කිට් නැමැති ඖෂධ වර්ගයක් මෑතක ලංකාවට ගෙන්වා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.

මේ සඳහා පසුගිය 28 වෙනිදා ටෙන්ඩර් කැඳවූ බවත් ඒ සඳහා ආයතන 30ක් මිල ගණන් ඉදිරිපත් කර තිබූ බවත් ඔහු පවසයි.

03 වෙනිදා ටෙන්ඩරය ලබා දුන් බවත් 05 වෙනිදා වන විට අදාළ ඖෂධය රටට ගෙන ආ බවත් ඔහු අනාවරණය කරයි.

කෙසේ වුවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ මෙම රැපීඩ් ටෙස්ට් කිට් කට්ටල සඳහා වන ටෙන්ඩර් තව ම විමර්ශනය කරමින් තිබෙන බවත් කිසිවෙකුට එය මෙතෙක් ලබා නොමැති බවත් ය.

රැපීඩ් ටෙස්ට් කිට් යනු PCR මෙන් කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණ ක්‍රමවේදයක් මිස ඖෂධයක් නො වීම නිසා මෙම ප්‍රකාශය සමග බොහෝ ෆේස්බුක් ක්‍රියාකාරීන් තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ඉලක්ක කර දැඩි ප්‍රහාරයක් දියත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස