සමගි බලේ මුල ඉඳලම කචල්! මට දේශපාලනේ එපා වුණේ ඒකයි! – සජිත්ගේ පක්ෂෙ කෙරුවාව මංගල හෙළි කරයි…

July 1, 2020 at 9:45 am | by emanisa.lk

සමගි ජනබලවේගයේ අභ්‍යන්තර මතබේද තමන්ට පාර්ලිමේන්තු දේශපාලනය එපා කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර පවසයි.

මෙවර මැතිවරණය තරග නොකිරීමට තීරණය කිරීම ගැන දෙරණ රූපවාහිනියේ මොකද වුණේ? වැඩසටහන සමග අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

පක්‍ෂ දේශපලානයකට කොටු වූ පසු කතා කරන්නට බැරි තත්ත්වයක් ඇති බවත් කතා කළද එය පක්‍ෂයේ පසුබෑමට හේතුවක් යයි ඇතැමුන් සිතන බවද ඔහු සඳහන් කළේය.

තමන්ගේ ප‍්‍රකාශ පක්‍ෂයේ ඇතැමුන්ට විශාල අසහනයක් ගෙන දුන් බව පෙනුණු බවත් දැන් තමන් පක්‍ෂයේ නැති නිසා ඔවුන්ට මැතිවරණය හොඳින් කර පෙන්වන ලෙසද කියා සිටියේය.

නාම යෝජනා බාර දී දින කිහිපයකින් සමගි ජනබලවේගයේ යම් යම් මත ගැටුම් ඇති බවත් දැන් දේශපාලනය කළා ඇති යයි තමන් එවිට කල්පනා කළ බවද ඔහු කියා සිටියේය.

එජාපය දෙකඩ වූ පසු විපක්ෂයේ කාර්යභාරය නියම ලෙස ඉටු නොවන බව තමන්ට අවබෝධ වූ බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස