මෙතෙක්කල් පුරප්පාඩුව පැවැති පක්ෂයේ සභාපති ධුරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත් කිරීමට ගත් තීන්දුවට සමගි ජන බලවේගයේ බහුතර මන්ත්‍රී විරෝධය එල්ල වී ඇතැයි වාර්තා වෙයි.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙලෙස සභාපති ධුරයට තෝරාගෙන ඇත්තේ පක්ෂ නායකවරයාගේද දීර්ඝකාලීන හිතෛෂීවන්තයකු වන ඉම්තියාස් බාකිර් මාකර්ව සභාපති ධුරයට පත්කළ යුතු බවට පක්ෂ මධ්‍යම කාරක සභාවේ යෝජනාවක්ද සම්මත වී තිබියදීය.
මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපති ධුරයට පත්කිරීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ තනි තීන්දුවක් මත සිදුකර ඇති බවට එම පක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරති.
පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති බවට පක්ෂ නායකත්වය ප්‍රකාශ කළද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන් තීන්දු තීරණ ගැනීම පිළිබඳව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී විරෝධය පළ කිරීමට ද තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කළ සභාපතිත්වයට සුළු ජන වර්ගයක් නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු පත් කිරීමේ සම්ප්‍රදාය සමගි ජන බලවේගයේ ද අනුගමනය කරනු ඇතැයි පක්ෂ සාමාජිකත්වය අපේක්ෂා කෙරුණද එම ස්ථාවරය වෙනස් කරමින් පක්ෂ නායකත්වයේ තීරණය මත මෙලෙස සභාපති ධුරයේ පුරප්පාඩු පුරවා ඇත.