සබීතාගේ බිල්ඩිමට ඉදිරි මාස 14ටත් කුලී රු. ලක්ෂ 3360ක් ගෙවලා! අරුම පුදුම ගිවිසුම අනුව ආණ්ඩුව බිල්ඩිමෙන් අයින් වුණත් ගෙවූ මුදල් දෙන්නේ නෑලු!

January 19, 2020 at 9:25 am | by emanisa.lk

පසුගිය ආණ්ඩුව විසින් අධික කුලී මුදලක් ගෙවා ආන්දෝලනාත්මක බදු ගිවිසුමක් යටතේ කුලියට ලබාගත් රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල සඳහා 2021 මාර්තු මාසය දක්වා (බදු ගිවිසුම අවසන් වන දිනය දක්වා) කුලී මුදල් එකවර ගෙවා දමා තිබේ.

ඒ අනුව 2021 මාර්තු මාසය දක්වා ඉදිරි මාස 14 සඳහා එහි අයිතිකරුට දැනටමත් ගෙවා දමා ඇති මුදල රුපියල් ලක්ෂ 3360 කි.

මෙම අරුම පුදුම ගෙවල් කුලී ගිවිසුමේ අන්තර්ගත තවත් වගන්තියකින් කියැවෙන්නේ වසර 05 බදු ගිවිසුම අවසන් වන්නට පෙර අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලෙන් ඉවත් වුවද ගෙවන ලද ඉදිරි කාලයේ කුලී මුදල ගොඩනැගිලි හිමිකරු විසින් නැවත රජයට නොගෙවන බවය.

එහෙයින් කල්තබා මෙම ගොඩනැගිල්ලෙන් ඉවත් වීමෙන් රජයට සිදුවන රුපියල් ලක්ෂ 3360 පාඩුව හේතුවෙන් මෙම ගොඩනැගිල්ලෙන් කල්තබා ඉවත් වීම ගැන රජයට දෙවරක් සිතා බැලිය යුතු යැයි එම අමාත්‍යාංශයේ වෘත්තිය සමිති ගණනාවක් අමාත්‍යාංශ බලධාරීන්ට දැනුම්දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස