සතොස සහන මල්ල ජනප්‍රිය වෙයි….! දෛනික ආදායම කෝටි 150 පනී….!

April 6, 2021 at 7:51 am | by emanisa.lk

ලංකා සතොස ආයතනය මගින් ලබාදෙන රුපියල් දහසේ සහන මල්ල ඇතුළු තවත් භාණ්ඩ 27ක මිල පහළ දැමීමත් සමග සතොස දෛනික ආදායම රුපියල් කෝටි 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.

ඉතිහාසයේ වැඩිම ආදායමක් සතොසට ලැබීම ආරම්භ වූයේ මෙම සහන බඩු මල්ල හඳුන්වාදීමට පටන් ගත් සතියක පමණ කාලයක සිටි බව ඇමැතිවරයා පවසා සිටියේය.

වෙළෙඳ ඇමැතිවරයා මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (05) කොළඹ, වෙ​ළෙඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

සතොස දෛනික ආදායම ලෙස වෙනදාට ලැබී ඇත්තේ රුපියල් මිලියන 7ක මුදලක් පමණක් බවත් මෙම බඩු මල්ල හඳුන්වාදීමට ආරම්භ කළ දිනයේ සිට දෛනිකව රුපියල් මිලියන 150ක පමණ ආදායමක් ලැබෙන බවත් මෙහි දී ඇමැතිවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *