සජිත් 13+ දෙන්න එකඟ වීම ගැන ස්තූතියි…! ජනාධිපති වුණ ගමන් අපේ ඉල්ලීම් ඕන…! – රාසමානික්කම්…

December 23, 2022 at 1:10 pm | by emanisa.lk

දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලු නිරාකරණය කර ගැනීමේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දක්වන සහයෝගය අගය කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ මඩකලපුවට ගෙන ආ කැත් ලැබ් එක කළුතරට රැගෙන ගිය බවට ද එම පක්ෂයේ ශානක්කියන් රාසමානික්කම් චෝදනා කළේය.

මේ නිසා මඩකලපුවේ ජනතාවට සිය හදවත් රෝග පිළිබඳ පරීක්ෂණ සඳහා යාපනයට හෝ කොළඹට යාමට සිදු වූ බවයි, ඔහු සඳහන් කළේ.

මේ වන විට එම කැත් ලැබ් එකක මිල රු. මිලියන 500ක් පමණ වන බවත් සජිත් ප්‍රේමදාස රාජ්‍ය නායකත්වයට පත් වූ වහා ම එම ඉල්ලීම ඉටු කළ යුතු බවත් රාසමානික්කම් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස