සජිත් නැතිව සජබෙත් එක්ක ජවිපෙ ආණ්ඩුවක් හදනවා…!

March 5, 2022 at 10:04 am | by emanisa.lk

මේ රටේ දේශපාලනය වෙනස් කිරීමට නම් හොරකම වංචාව දූෂණය සහ නාස්තිය නොමැති පාලනයක් ස්ථාපිත කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ කේ.ඩී. ලාල්කාන්ත පවසන්නේ, එවැනි පාලනයක් ගොඩනැඟීමට නම් හොරකම්, වංචාව සහ දූෂණයට සම්බන්ධ නැති අයගෙන් සමන්විත පක්ෂයක් ගොඩනඟාගත යුතු බවයි.

රටේ සියලු ද දේශපාලන ධාරාවල එවැනි පිරිස් පිළිබඳ ලැයිස්තුවක් තමා සතු බව ද හෙතෙම අනාවරණය කරයි.

සමගි ජන බලවේගයේ සිටින එවැනි පිරිසක් පිළිබඳ තම පක්ෂය දැනටමත් සාකච්ඡා කරමින් සිටිය ද සජිත් ප්‍රේමදාස ඉවත් කිරීමට සිදුවන බවයි.

හොරකම්, වංචා, දූෂණ සඳහා සම්බන්ධ නොමැති එම කණ්ඩායම් සමග එකතු වී ජාතික ජන බලවේග ආණ්ඩුවක් පිහිටු වන බව ද ලාල්කාන්ත අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *