ආණ්ඩුවයි සජබෙයි ජනතාවට එපා වෙලා..! තනි ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවනවා…! – ⁣ටිල්වින්…

November 29, 2021 at 2:03 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් සමගි ජන බලවේගයේත් ජනප්‍රියත්වය සීඝ්‍ර පහළ බැස ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී ඇති බවත් තමන් කිසිසේත්ම සභාග ආණ්ඩු පිහිටුවන්නේ නොමැති අතර තනි ජවිපෙ ආණ්ඩුවක් ඉදිරියේ දී පිහිටුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් විල්වින් සිල්වා පවසයි.

 

“අපි කරපු සමීක්ෂණයක දී අපි දැකපු එකක් තමයි ආණ්ඩුවේ ප්‍රසාදය සීයට තිස් ගාණකට වගේ අඩු වෙලා තියෙනවා. ඒ වගේ ම සමගි ජන බලවේගයේත් අඩුවෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රසාදය 14% – 15%ක් දක්වා ගිහින් තිබුණා අගෝස්තු මාසෙ වෙනකොට. අපි හිතනවා තවත් වැඩියි කියලා මේ වෙනකොට.

කොහොමත් රටේ හැමෝම මේ වෙනකොට අපට කියන්නෙ මේ දෙගොල්ලොන්ටම දුන්නා ඇති, අපට ඇතිවෙලා තියෙන්නෙ, දැන් එනිසා අපි එකවරක් ජනතා විමුක්ති පෙරමුණට දීලා බලනවා කියන අදහසට මුළු රටම ඇවිත් තියෙනවා. ව්‍යාපාරික ප්‍රජාවට ගියත් ඒගොල්ලො කියන්නෙ එහෙම. ගොවියාත් කියන්නෙ එහෙම. වැඩකරන ජනතාව කියන්නෙත් එහෙම. එනිසා අපි හිතනවා මේ කවුරුත් එකතු කරගත්තොත් අපට අනිවාර්යයෙන්ම මෙතෙක් කල් මේ සිද්ධ වෙච්ච තට්ටු මාරු දේශපාලනය වෙනස් කරලා රට වෙනස් කරන දේශපාලනයකට යන්න පුළුවන් කියලා අපි හිතනවා. නැත්නම් රට විනාශ වෙලා යනවා.

නෑ, අපි කිසිසේත්ම සභාග රජයකට යන්නෙ නෑ. මොකද මෙතෙක් කල් පාලනය කරපු ආණ්ඩු දෙක සහ ඒගොල්ලොන්ගෙ කණ්ඩායම තමයි මේ විනාශයට වගකියන්න ඕනෙකම තියෙන්නෙ. මේ රට විනාශ කරපු අය එක්ක රට හදන්න බෑ. ඒ නිසා අපි මේ විනාශයෙන් පීඩාවට පත්වෙච්ච ජනතාව, සමාජ බලවේග, ව්‍යාපාරික ප්‍රජාව, විද්වතුන්, සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එක්කර ගත්තු දැවැන්ත ජනතා ව්‍යාපාරයක් හදනවා, ඒ ජනතා ව්‍යාපාරය තුළින් අපි අනිවාර්යයෙන්ම ජනතාවගේ ආණ්ඩුවක් හදනවා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (28) හලාවත නගරයේ පැවති ජවිපෙ ප්‍රචාරණ වැඩසටහනක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව