ආණ්ඩුවේ බිත්තර ප්‍රහාරය අනුර ඝාතන උත්සාහයක්…! ඊළඟට 75%ක වැඩි ඡන්දයෙන් ජවිපෙ ආණ්ඩුවක්..!

February 2, 2022 at 6:12 am | by emanisa.lk

ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ තම පක්ෂයේ ජන හමුවකට එල්ල කළ ප්‍රහාරය තනිකරම ආණ්ඩුවේ වැඩක් බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් චෝදනා කරයි.

ජනාධිපතිවරයා ද දැනුවත්ව මෙම ප්‍රහාරය නිනිශ්ශංක සේනාධිපති විසින් මෙහෙය වූ බවට ද මෙය තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ඝාතනය කිරීමේ ප්‍රයත්නයක ආරම්භයක් බවට ද ඔහු චෝදනා කළේය.

අදාළ ප්‍රහාරය සඳහා සේනාධිපතිගේ පෞද්ගලික ආරක්ෂකයන් සම්බන්ධව සිටි බව ද ඔහු පැවසීය.

මීළඟ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සියයට 75% ඉක්ම වූ ජනවරමකින් අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවන බව ද හෙතෙම එහිදී කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *