සජිත් ජනාධිපති වෙද්දි මම ආරක්ෂක ඇමැති වෙන එක ස්ථිරයි…! – ෆීල්ඩ් මාර්ෂල්…

January 24, 2022 at 5:38 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොළොවේ හැපී තම ආණ්ඩුවක් යටතේ තමන්ට ආරක්ෂක ඇමැති ධූරය ලබා දෙන බවට රටට පොරොන්දු වී ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. සමගි ජන බලවේග ආණ්ඩුවක් පත්වීම ස්ථිර වන්නා සේ ම තමා ආරක්ෂක ඇමැති ධූරයට පත්වීම ද ස්ථිර බව ෆොන්සේකා සඳහන් කරයි.

යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය ඇමැති ධූරය තමන්ට ලබා දෙන ලෙස එම ආණ්ඩුවේ ඇමැතිවරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් එසේ දුනහොත් තමා සිරගත කරාවි යැයි බියෙන් ඔහු ඊට අකමැති වූ බවත් ෆීල්ඩ් මාර්ෂල් හෙළි කරයි.

මෛත්‍රීපාල සිරිසේනට දිවැසි ඇති බවත් තමා නීතිය හා සාමය පිළිබඳ ඇමැති ධූරයට පත්කළේ නම් අනිවාර්යෙන් ම මෛත්‍රීපාල අත්අඩංගුවට ගන්නා බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස